Posts

ලබන මාර් තුවේ ජිනීවා දක්වා සැඟවුණු මාර්ග සිතියම

Image
එදා 2009දී ප්‍රභාකරන්ගේ අතින් ගිලිහුණු ‘ඊලාම් රිලේ බැටන්’ එක දින 4ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් විසින් අතට ගනු ලැබීය. ඒ අනුව එතැන් පටන් ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව   උගුරෙන්පහළට තල්ලු   කිරීම සඳහා තුවක්කුව වෙනුවට මානව හිමිකම් කෙවිට යොදා ගැනීම ආරම්භ විය. එහි දී කෙවෙවිටෙන් තලන අතර ආණ්ඩුවේ අත කැරකවීම සඳහා විවිධ අවස්ථාවල විවිධ උපාංග යොදා ගන්නා බව ද පැහැදිලි ව පෙනුණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව අහඹු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් දරුස්මාන් වාර් තාව ඒ උපාංග අතුරින් ප්‍රධානම උපාංගය ලෙස සැළලකිය හැක. ඉන්පසුව යොදාගත් ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කමිටු යෝජනාව එම වාර් තාව සහ ඒ මත පදනම් වූ 30/ 1 යෝජනාව ආදී සෙසු සියල්ල ඒ මූලික උපාංගයෙන් උපත ලැබීය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී අත කැරකවීමේ උපාංග ලිහිල් කර ගැනීම සඳහා යම් ප්‍රති උපාංග යොදා ගැනීමට උත්සාහයක් ගැනුණි. ඒ ප්‍රති උපාංග අතුරින් උගත් පාඩම් කොමිෂන් වාර් තාව, මැක්ස්වෙල් පරණගම කොමිසම හෙවත් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම් වාර් තාව ප්‍රධාන තැනක් ගනී. ඉන්පසුව එම

ආණ්ඩුව කළ දේ සහ නොකළ දේ සහ මැතිවරණ ප්‍රතිඵලය

Image

කිරි ආර්ථිකයට ගොම දමන වැරදි මතවාද

Image
ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳපළ තුළ ඉහළම ප්‍රචාරක පිරිවැය දරනු ලබන්නේ කිරිපිටි සහ අනෙකුත් කිරි ආශ්‍රිත ආහාර ආනයනය කරන සමාගම් විසිනි. නමුත් තිරිඟු පිටි සහ සීනි වැනි අනෙකුත් ප්‍රධාන ආනයනික ආහාර සමග සැසදීමේදී කිරිපිටි වෙළඳපල ප්‍රමාණාත්මකව කුඩා එකකි. ශ්‍රී ලංකාවට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 17 ක් සහ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් ආනයනය කළත් කිරිපිටි ආනයනය කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 1කට අඩු ප්‍රමාණයකි. ඒ ආකාරයට කිරි වෙළදපළ සාපේක්ෂ්ව සහ ප්‍රමාණාත්මකව කුඩා වුවත් ළෙඳපොළ වටිනාකම සහ ඊට අදාල ලාභ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතියි. ඒ නිසාම එක් පැත්තකින් ඉහළ ප්‍රචාරක පිරිවැයක් දරමින් කිරිපිටි පරිභෝජනය ට අදාළව විශාල සමාජ අවධානයක් ඇති කිරීමට විදේශීය කිරිපිටි ආනයන සමාගම සමත් වී ඇත.   විශේෂයෙන්ම පෝෂණ ගුණය පිළිබඳ අතිශෝක්තියෙන් සමාජ මතයක් ගොඩනැගීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත. එසේ ව්‍යාජ පෝෂණ ණිවිඩ සහිත දැන්වීම් ප්‍රචාරය කිරීම ආහාර පනත යටතේ වරදකි. නමුත් විවිධ ‘’පෝෂණ ලේබල්’’ අලවා වෙළඳ නාම රාශියක් යටතේ වෙළෙඳ පොළට ඉදිරිපත් කරන කිරිපිටි වර්ග වලට අදාල වෙළඳ දැන්වීම් සියල්ලම පාහේ නීති විරෝධී බව ඒ පිළිබඳ අව