ලබන මාර් තුවේ ජිනීවා දක්වා සැඟවුණු මාර්ග සිතියම





එදා 2009දී ප්‍රභාකරන්ගේ අතින් ගිලිහුණු ‘ඊලාම් රිලේ බැටන්’ එක දින 4ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් විසින් අතට ගනු ලැබීය. ඒ අනුව එතැන් පටන් ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව  උගුරෙන්පහළට තල්ලු  කිරීම සඳහා තුවක්කුව වෙනුවට මානව හිමිකම් කෙවිට යොදා ගැනීම ආරම්භ විය. එහි දී කෙවෙවිටෙන් තලන අතර ආණ්ඩුවේ අත කැරකවීම සඳහා විවිධ අවස්ථාවල විවිධ උපාංග යොදා ගන්නා බව ද පැහැදිලි ව පෙනුණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව අහඹු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් දරුස්මාන් වාර් තාව ඒ උපාංග අතුරින් ප්‍රධානම උපාංගය ලෙස සැළලකිය හැක. ඉන්පසුව යොදාගත් ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කමිටු යෝජනාව එම වාර් තාව සහ ඒ මත පදනම් වූ 30/ 1 යෝජනාව ආදී සෙසු සියල්ල ඒ මූලික උපාංගයෙන් උපත ලැබීය. මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී අත කැරකවීමේ උපාංග ලිහිල් කර ගැනීම සඳහා යම් ප්‍රති උපාංග යොදා ගැනීමට උත්සාහයක් ගැනුණි.

ඒ ප්‍රති උපාංග අතුරින් උගත් පාඩම් කොමිෂන් වාර් තාව, මැක්ස්වෙල් පරණගම කොමිසම හෙවත් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම් වාර් තාව ප්‍රධාන තැනක් ගනී. ඉන්පසුව එම දෙවන කොමිසම යටතේ කැඳවූ විදේශීය විශේෂඥ වාර් තා 6 ද ඊට අයත් වේ. එම වාර් තා නිල වශයෙන් එළි දැක්වෙන අවස්ථාව වනවිට මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්ව සිටි බැවින් ඒවා සැබෑ ලෙසම ප්‍රති උපාංග ලෙස භාවිතා කිරීමට අවස්ථාවක් නොලැබුණි. එම වාර් තා 6 මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු නොකළ බවට ‍ප්‍රභල කරුණුමය සාක්ෂි සහ නීති තර්ක ඉදිරිපත් කොට තිබුණි. නමුත් ටී.එන්.ඒ පක්ෂයේ විරෝධය නිසා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද සේනාධිනායකයා ලෙස එම වාර් තාව තම හමුදාවේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා යොදාගත නොහැකි විය. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඉතා බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යොදාගත් 2015 මහකොමසාරිස් වාර් තාව සහ 30/1 යෝජනාව මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගනු ලබන්නේ එවැනි  තත්ත්වයක් තුළය.

2015ට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරුණු සියලු යෝජනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. නමුත් එම  පීඩනය දරාගැනීමෙන් ඔබ්බට ගොස් ඊට ප්‍රතිප්‍රහාර දීම සඳහා විධිමත් පියවර ගැනුනේ නැත. ඒ තුළ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් වැළකී ප්‍රශ්නය ඇදගෙන යාමට පසුගිය රජය සමත් විය. එසේම එම ක්‍රියාවලිය තුළ මානව හිමිකම් සමුළු සැසිවාර වලදී හා ඒ ආශ්‍රිත ඉන් පිටත ක්‍රියාකාරකම්වලවල දී දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාජ ප්‍රචාර සහ මැදිහත්වීම් වලට ප්‍රතිප්‍රහාර දීම සඳහා යම් උපාය මාර්ගයක් යොදා ගැනීමට පසුගිය රජය අසමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ තානාපති අංශ පවා නිල වශයෙන් ඔවුන් සතු අවස්ථාවන් භාවිතා කොට එසේ දෙමළ ඩයස්පෝරාවට ප්‍රතිප්‍රහාර දීම සඳහා ප්‍රතිඵලදායක උත්සාහයක් නොගත් බව රහසක් නොවේ. අඩු තරමින් දෙමළ ඩයස්පෝරාවෙන් ඉගෙන ගනිමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් පිහිටුවා ඒ සඳහා ඉඩක් විවර කිරීමට ඔවුන් විසින් උත්සාහ කළේ නැත. තානාපති අංශ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය පමණක් හෝ ලබාගත්තානම් දෙස් විදෙස් දේශප්‍රේමි සංවිධාන වලට ඊට මැදිහත් වීමේ අවකාශ තිබුණි.

නමුත් පළමු වතාවට එවැනි මැදිහත්වීමක් ස්වාධීනව සහ ස්වේච්ඡාවෙන් කරනු ලැබුවේ 2016 ආචාර් ය අද්මිරාල් සරත් වීරසේකර මහතා විසිනි. 30 එක යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල ගෙල සිර කිරීම ආරම්භ කිරීමෙන් පසුව ය එසසේ වුවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ රජවරු තානාපති අංශ කිසිදු සහායක් ලබා දුන්නේ නැත what වර්තමාන ආණ්ඩුව විසින් 30/1 යෝජනාව භාර මහින්ද රාජපක්ෂ රජය මේ මෙන් ඇද ඇද සිටියේ නැත. එම යෝජනාවලිය ඇමරිකාව විසින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ශ්‍රී ලංකාවේ තානාපති වරයා ඉදිරිපිට දී පක්ෂයේ කැමැත්ත ලබාගත් බව ද අයිලන්ඩ් පුවත්පත වාර් තා කළේ ය. එම පක්ෂය විසින් යුද්ධය පැවති සමයේ සිට අද දක්වා ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් වල සම්ප්‍රයුක්තය ගත්විට 30/ 1 යෝජනාවේ කොන්දේසි 20 අතුරින් ඔවුනට මූලික වශයෙන් වැදගත් වන්නේ 16 වැනි කොන්දේසිය බව පැහැදිලිය. එනම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවට පනවා ඇති කොන්දේසි යයි. එම ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව ඇසුරු කොට ඇති ‍ව්‍යයවස්ථාමය බාධක නිසාය. එම බාධක ඉවත් කළ හැක්කේ ව්‍යවස්ථ  සංශෝධනයක් මගින් පමණි. ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වන බව පැහැදිළි වේ. ඒසඳහා තාක්ෂණිකව ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය නැත.

එසේ නම් සෙසු කොන්දේසි වල අරමුණ කුමක්ද ඊට තර් කානුකූල පිළිතුරු සැපයීමේදී එකිනෙකාට බැඳුණු අරමුණු දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න ආරක්ෂක හමුදා දුර් මුඛ කිරීම සහ දුර් දුර්වල කිරීම්යි. ඊට හමුදාවල මානසික තත්වය බිඳ දැමීම මෙන්ම යුදමය හැකියාව දුර්වල කිරීම යන පැතිකඩ දෙකම අයත් වේ. එම උවමනාව සෘජුව බෙදුම්වාදී උවමනාව සමග බැඳී ඇත. බෙදුම්වාදී මාර් ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය තුළදී උතුරින් හමුදාව ඉවත් කිරීම සහ උපාය මාර් ගිකව වැදගත් භූමිය නැවත බාරදීම ආදී ක්‍රියාමාර්ග වලට එකඟ කර ගැනීම සඳහා හමුදාව දුර්වල තත්ත්වයකට පත් කළ යුතුය.

 දෙවන අරමුණ වන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරන තැනට ආණ්ඩුව තල්ලු කිරීම සඳහා කේවල් කිරීමේ උපාංගයක් ලෙස ආණ්ඩුවට බරපතළ දේශපාලන ගැටලුවක් මතු වන යෝජනාවක් ඉදිරිපත් කිරීමය. ඒ සඳහා 30/ 1 යෝජනාවේ අඩංගු වන ප්‍රධාන යෝජනාව වන්නේ 6වැනි යෝජනාව දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමයි. අධිකරණය රටේ පවතින ව්‍යවස්ථාව යටතේ ක්‍රියා ක්‍රියාත්මක කළ නොහැක. නමුත් එවැන්නක් පිහිටුවීමට උත්සාහ කිරීම යනු ආණ්ඩුවට මාරාන්තික දේශපාලන පාරාවලල්ල කි. සත්‍යවශයෙන්ම හමුදාවට දඬුවම් කිරීම සඳහා එවැනි අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නැත. ඒ සඳහා හේතු දෙකක් ඉදිරිපත් කළ හැක. පළමුවැන්න එවැනි විධිමත් අධිකරණයකින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ආකාරයට අහඹු ලෙස තෝරාගත්   හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේ පිහිටවූ විධිමත් දෙමුහුන් අධිකරණය මගින් 2004 සිට වසර 13 ක් තුල දඬුවම් කරනු ලැබුවේ දෙදෙනකුට පමණි.

දෙවන හේතුව මේතෙවන හේතුව මේ වනවිටත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩාත් ප්‍රබල සහ ප්‍රතිඵලදායක යුධ අපරාධ අධිකරණ යාන්ත්‍රණයක් පනත්  මගින් පිහිටුවා තිබීම ය. නමුත් එම යාන්ත්‍රණය මේ වනතුරු ක්‍රියාත්මක නොවන බැවින් එහි බලවත්කම මහජනයාට වැටහෙන්නේ නැත. එම ක්‍රියාවලිය පමාවීමට ප්‍රධානම හේතුව බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම සමූහය වන ව්‍යවස්ථා සංශෝධනය මේ වනතුරු ඉටුකර ගැනීමට ඊට පක්ෂපාත බලවේග අසමත් වීමය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ගෙන ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුව එම පනත් කිහිපය මගින් ව්‍යාප්ත වන යුද අපරාධ අධිකරණයේ රාග මහජනයාට දැකගත හැකි වනු ඇත.

මෙම සමස්ත ක්‍රියාවලිය බලවේග ත්‍රිත්වයක බලතුලනයට යටත්ව සිදු වේ. එක් පැත්තකින් ජාත්‍යන්තර සහ දේශීය බෙදුම්වාදී බලවේග සෘජුව හා මානව හිමිකම් සමුළුව හරහා මූලික වශයෙන් ව්‍යවස්ථා  සංශෝධනයක් සඳහා බලපෑම් කරති. අනෙක් පැත්තෙන් යම් බලවේගවල සහාය ලබා ගනිමින් බලයට පත් වූ ආණ්ඩුව හා වන පාර්ශව සහ ආණ්ඩුවට පිටින් සිට වක්ක්‍රව හා සෘජුව ඊට උදව් කරන බලවේග එහෙම බලපෑම් වල පීඩනයට යටත්ව ඒ පැත්තට බරව ක්‍රියා කරති.

මංගල සමරවීර මහතා විසින්   2015 සැප්තැම්බර් 14 දින මානව හිමිකම් සමුළුවේ සභාපතිවරයා අමතා සිදුකළ ප්‍රකාශය ඉතා පැහැදිලිව සඳහන් වන්නේ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන බවය. ඔහු එම ප්‍රකාශය කරන්නේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර් තාව ඉදිරිපත් කොට එක් දිනකට පසුවය. ඒ අතර 30/1 යෝජනාව ඉදිරිපත් කිරීමට දින 13කට පෙරය. ඒ අනුව පැහැදිලි වන්නේ වාර් තාව මෙන්ම 30/1 යෝජනාව පිළිබඳව ආණ්ඩුවට කෙසේවෙතත් මංගල සමරවීර අමාත්‍යවරයාට පූර්ව අවබෝධයක් තිබුණු බවය. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ට ඇතුල් වී මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය යථාර් තයක් බවට පත් කිරීමට දායක වූ විපක්ෂ බලවේග වල අවබෝධය කුමක්දැයි පැහැදිලි නැත.

එසේ වුවත් නිල විපක්ෂය සහ විපක්ෂ සංවිධායකයන් හැර සෙසු විපක්ෂ බලවේග තුළ නියෝජනය වන ජාතිවාදී බලවේග ආණ්ඩුවට මෙන්ම බෙදුම්වාදී බලවේග යන දෙකටම පීඩනය එල්ල කරති. ඒ අතර නිළ  විපක්ෂයේ ආශිර්වාදය ලබන විපක්ෂයේ සංවිධායක පදවිය දරන පාර්ශව මංගල සමරවීර මහතා විසින් ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ පිළිබඳව මානව හිමිකම් සංවේදී කළ ප්‍රකාශය පිරිසිදු කිරීම සඳහා ඊට සුදු පිරියම් කරති. ඔවුනට ව්‍යවස්ථා සංශෝධනය තම අතට ගන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා කියන ආකාරයට දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට නොවේ. ඔවුන් ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින්නේ විධායක ජනාධිපති බල බිද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ය.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පාර්ශව ත්‍රිත්වයේ බලතුලනය තුළ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේග විසින් කරනු ලබන පීඩනය නිසා අද වනතුරු ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එම තත්වය තුළ මානව හිමිකම් කෙවිටෙන් ආණ්ඩුවට තලන පිරිස් විසින් මානව හිමිකම් කවුන්සලය හරහා 34/1 යෝජනාව සම්මතකොට ඒ සඳහා වසර දෙකක කාලයක් ආණ්ඩුවට ලබා දුන් නමුත් එම කාලය ලබන මාර් තු මාසයේදී අවසන් වේ. දැනට ඉතිරිවී ඇති මාස 5ක කාලය තුළ 30/1යෝජනාවේ අඩංගු වූ කොන්දේසි අතුරින් බෙදුම්වාදී බලවේගවලට තීරණාත්මකව වැදගත් වන කොන්දේසි සියල්ල ඉටු කළ හැකි ද යන්න සැක සහිත ය. එසේ ඉටු කිරීමට නොහැකි ඉතිරිවී ඇති ප්‍රබල කොන්දේසි තුනක් ඇත. පළමුවැන්න 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ය. දෙවැන්න සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම ය. තුන්වැන්න පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කොට නව පනත ගෙන ඒම මගින් සියලු ත්‍රස්තවාද සැකකරුවන් චූදිතයන් සහ දඬුවම් ලබන්නන් නිදහස් කිරීමය.

එම තත්ත්වය තුළ ආණ්ඩුවේ ආයුෂ කාලය අවසන් වීමට පෙර එම  අත්‍යවශ්‍ය්‍ය  කොන්දේසි ඉටු කිරීම සඳහා තවදුරටත් කාලය ලබා දීමට සිදුවූ නමුත් එසේ කාලය ලබා දීම සඳහා 30/1 සහ 34/1 යෝජනා සම්මත කළ රටවලට හෝ මානව හිමිකම් කවුන්සලයට දේශපාලන අවකාශයක් නොමැත. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ව්‍යාජ බල අධිකාරිය අභියෝගයට ලක් වෙයි. ඒ නිසා දැන් මාර් තු අභියෝගය ජය ගැනීම සඳහා ඔවුන් විසින් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හරහා ඊනියා යෝජනාවක් ඉදිරිපත් කරන තත්තවයක් නිර් මාණය කිරීම ඊට අදාළ මූලික තිර පිටපත් ලියන පිරිස් එක් එක් පාර්ශව විසින් කියවිය යුතු පිටුව කඩා ඔවුන් වෙත භාර දෙනු ඇත. එවිට එම පාර්ශව විසින් රඟ දක්වන විවිධ ජවනිකා දෙස බලන මහජනයා ඒවා හුදකලාව තේරුම් ගන්නා බැවින් සමස්ත තිරපිටපත පිළිබඳ ඔවුනට අවබෝධයක් නොලැබෙනු ඇතැයි පපිටපත ලියන පිරිස් කල්පනා කරනු ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සිදුකළ කථාව මාර් තු අභියෝග් හෙවත් ආණ්ඩුව හරහා ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලසුම සමග බැඳී ඇතැයි මහජනයාට පෙනෙන්නේ නැත. 

චම්පික රණවක අමාත්‍යවරයා විසින් සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට ,චූදිතයන්ට සහ වැරදි කරුවන්ට සමාව දිය යුතු යැයි කියන විට එම ප්‍රකාශය හා මූලික තිරපිටපත අතර සම්බන්ධයක් මහජනයාට පෙනෙන්නේ නැත. එසේ ම ටී. එන්.ඒ.පක්ෂයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා චම්පික ඇමතිවරයාගේ  ප්‍රකාශය ප්‍රතික්ෂේප කොට සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවන්නේනම්  සලකා බැලිය හැකි බව කියන විටදී ද මහජනයාට මූලික තිර පිටපත පිළිබඳ අවබෝධය ලබා ගැනීම පහසු නැත. ඒ සියල්ලටම වඩා ජාතික බලවේග අතුරින් හදිසියේ මතුවන අය ජිනීවා වලට ගොස් යෝජනාවක් අවශ්‍ය බව කියමින් ඒ සමස්ථ රහසිසිගත මෙහෙයුමට සුජාතභාවය ලබාදෙන විට ද මහජනයා සමහරවිට මෙය සාධාරණ සහ බලවත් යෝජනාවක් ලෙස පෙන්විය හැක. ඒ නිසා ආණ්ඩුව පමණක් නොව මානව හිමිකම් කවුන්සිලය ආශ්‍රිතව බලය පෙන්වන බලවේග වැටී තිබෙන අමාරු තත්වයක් තුළ බෙදුම්වාදී බලවේග වල සිටීම විසින් ඉල්ලා සිටින ක්‍රියාමාර් ගය තේරුම්ගත හැකි පිරිස් විසින් ඊට අදාල පින්තූරය නිර් මාණය කොට මහජනයාට පෙන්විය යුතුය.

ඒ අනුව 2009 19 මාර් තු මාසයේ ජාත්‍යන්තර පීඩනයට මුහුණ දීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ඊනියා ප්‍රති යෝජනාව හෙවත් විකල්ප යෝජනාවේ අඩංගුව එය ඉදිරිපත් කරන ආකාරය සහ එය සාධාරණීකරණය කෙරෙන් ආකාරය තර් කානුකූලව මෙසේ උපකල්පනය කළහැක. සමස්ත ක්‍රියාවලිය සාධාරණීකරනය කිරීම කළ හැක්කේ සහ ඊට වීරත්වයක් ආරෝපණය කළ හැක්කේ අපේ ප්‍රශ්න අප විසින් විසඳා ගැනීමට ඉඩ දිය යුතුය යන සාඩම්බර ඉල්ලීම තුළිනි. නමුත් අපේ ප්‍රශ්න අප විසින් විසදන්නේ අපට හරි වැරදි කියා දෙන බලවේගවලට වුවමනා ආකාරයට මිස වෙනස් ආකාරයකට නොවන බව යෝජනාව ඉදිරිපත් වූ පසුව දැකගත හැකි වනු ඇත. කෙසේ වෙතත් ඊට තාක්ෂණික සහ න්‍යායාත්මක සුජාත භාවය ලබාදීම සඳහා එම යෝජනාව දෙපාර්ශවය විසින් සමාව දීමේ න්‍යාය මත ඉදිරිපත් කෙරෙන බවට විශාල ඝෝෂාවක් ද ඇති කෙරෙනු ඇත. නමුත් ඒ සමාව දීම සිදු වන්නේ යුද අපරාධ චෝදනා ඉවත්කර ගැනීමෙන් හෝ ඒවා නිෂ්ප්‍රභ කිරීමෙන් නොවේ. සමාව සඳහා එකඟ වන්නේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් හෙවත් ආරක්ෂක හමුදාව නිවැරදිකරුවන් බව පිළිගනිමින් වැරදි කකරුවන් බව ස්වේච්ඡාවෙන් පිළිනොගන්නේ නම් සමාව දීමේ කතාවක් අදාළ වන්නේ නැත. එසේ ම ඒ සමාවදීමේ යෝජනාවට බෙදුම්වාදී බලවේග විසින් විරුද්ධත්වය පළ කිරීම මගින් ඊට තවදුරටත් සුජාතභාවයක් ලබා දෙනු ඇත. 

ඔවුන් එසේ විරුද්ධ වන්නේ දේශපාලන සිරකරුවන් සහ හමුදාව යුධ අපරාධකරුවන් එක සමානය ලෙස සැලකිය නොහැකි බවට තර් ක කරමිනි. එම තර් කය අනුව සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම මගින් එම ගැටළු විසඳිය හැක. මෙය ඉතා ප්‍රබල කේවල් කිරීමක් වන්නේ ඒ තුළින් රට තුළ සිටිමින් අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසිය හැකි විදේශීය මැදිහත්වීමකට ඒ තුළින් පාර කැපෙන බැවිනි. ඊට අමතරව සමාවදීමේ නාමයෙන් දැනටමත් ප්‍රයෝජනයක් නොමැති යෝජනාවක් වන දෙමුහුන් අධිකරණ යෝජනාව ඉවත් කෙරෙණු ඇත. ඒ මගින් දෙමුහුන් අධිකරණ යෝජනාව ඉවත් කර ඇත. එමගින් ඊට මැදිහත් වන පිරිසට රණවිරුවා දංගෙඩියෙන් බේරාගත් විරුවා යන  විරුධාවලියෙන් පිදුම් ලබනු ඇත. ඒ සියල්ලට ඉහළින් ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීමේ මැජික් එක හෙවත් ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුව නැවත අලුත් කෙරෙනු ඇත. ඊට වඩා අවශ්‍ය වන්නේ මොනවාද?

කේ.එම්. වෛද්‍ය වසන්ත බණ්ඩාර

Comments

Popular posts from this blog

කිරි ආර්ථිකයට ගොම දමන වැරදි මතවාද